ඉවරයක් නැතුව කරදර කරන සතුරො ඉන්නවා නම්
කඩවර දෙවියන් ගෙන් පිහිට ඉල්ලන්න.
සතුරු කරදර හේතුවෙන් දුකින් කල් ගෙවන අය මොන තරම් ඉන්නවද... කියන්න කෙනෙක් නැතුව, කරගන්න දෙයක් නැතුව ඉවසගෙන ඉන්න අය වගේම සතුරන් සමග ගැටෙන්න ගිහින් කරදර වැඩි කරගන්න අයත් ඉන්නවා. කොහොම වුණත් කපාගන්න,කොටාගන්න, වෙඩි තියාගන්න, බෝම්බ ගහගන්න යන්නෙ නැතුව දෙවියන් ගෙන් පිහිටක් ඉල්ලන එකේ වරදක් නෑ. කෙනෙක් ගේ දියුණුව සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි අය සමාජයේ ඕනැ තරම් ඉන්නවා.කෙනෙකුට නින්දා අපහාස කරලා සතුටු වෙන අයත් අනන්ත ඉන්නවා. ධනය, බලය, දේශපාලන සහයෝගය පාවිච්චි කරලා නිදහසේ සතුරුකම් කරන අයට විරුද්ධව නැගී සිටීම ලේසි පහසු නෑ. මේ වගේ අවස්ථාවලදි දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් ඇතැමුන් දේවාල, ගුරුකම් කරන ස්ථාන ආදී තැන්වලට යනවා. අසරණ වුණු අයගේ මුදලට විදින පින්වත් මෑණිවරු, යෝගිවරු, හිමිවරු එහෙමත් අඩුවක් නැතුව ඉන්නවා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ, වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වගේ ඔන්න ඉතින් දුකට පිහිටක් ඉල්ලන ගිය කෙනා තවත් අසරණ වෙනවා.
මේ කියන්න හදන්නේ අපේම දෙවි කෙනෙක් වූ කඩවර දෙවියන් ගෙන් පිහිට ලබාගන්නා ආකාරය යි. කඩවර දෙවියෙක් විදියට වගේම යක්ෂයෙක් විදියටත් හඳුන්වනවා. පුර පක්ෂයේදී දෙවියෙක් විදියටත් අව පක්ෂයේදී යක්ෂයෙක් විදියටත් පෙනී සිටින බව ඇතැම් දෙනා විශ්වාස කරනවා.කොහොම වුනත් කඩවර ගේ බලය ශක්තිය නම් බොහොම ඉහළ යි. ජිවත් වෙලා ඉන්න කාලෙදි යක්ෂ වැඩ කරන අය මරණින් පස්සෙත් බොහෝ වෙලාවට සැර පරුෂ බලපෑම් තමයි එල්ල කරන්නේ. අපේම රටේ රජරට පළාතේ ජිවත් වුණු කෙනෙක් තමයි කඩවර දෙවියො විදියට සැළකෙන්නේ. "සෙනෙවිරත්න කඩවර දෙවි හාමුදුරුවෝ " යන නාමයෙන් කඩවර යාතිකාවේ සඳහන් වෙනවා.
කඩවර කලා වැවේ ආරක්ෂකයෙක් විදියට කටයුතු කළ අයෙක් බව ට සැළකෙනවා. කලා වැවේ ජල මට්ටම දැන ගැනීම සඳහා මැටි භාජනයක් තබා තිබුණු බවත්, පිරිත් දේශනාවකට වැඩම කළ සංඝයා වහන්සේ නමක ගේ කුඩයක් වැදීම හේතුවෙන් එම භාජනය සිදුරු වූ බවත්, වැවේ ජලය උතුරා යන්නට පටන් ගත් විට කඩවර වැවට පැන දිවි නසාගත් බවත් ජනප්රවාදයේ සඳහන් වෙනවා. වෛරයෙන් මියගොස් බලවත් යක්ෂ ආත්මයක් ලබා ජනතාවට පිහිට වන බවට විශ්වාසයක් පවතිනවා. කඩවර භික්ෂූන් වහන්සේලා සමග ඇයි හොඳයියක් නැති දෙවි කෙනෙක් විදියට සැළකෙන්නෙත් ඔන්න ඔය හින්දයි.
ගම්මඩු, ගිනි මඩු,තොවිල්, ශාන්ති කර්ම ආදී කොයි කටයුත්තක දී වූවද කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව පිරිනැමීමට ඇඳුරන් අමතක කරන්නේ නෑ. එහෙමනම් කඩවර දෙවියෝ එසේ මෙසේ කෙනෙක් නොවන බව පැහැදිලියි. කඩවර දෙවියන්ගේ බලවත්කම පහත කාවින්ද පැහැදිලි වෙනවා.
මහ මුහුදේ රළ නවතා වෙරළ දිගට වැඩමවන්ඩ
අලුයම සත් පැයක් තියා කඩවර දෙවි වැඩමවන්ඩ
රන් කෙඳි ගෙතුවා විලසට හැඩ පළු පිට මැද හෙලන්ඩ
කන්ද සාමිට වත් බැරිය ගොටුව නොදී වළක්වන්ඩ
කඩවර දෙවියො හොඳට හොඳයි නරකට නරකයි. කඩවර ට පුද පූජා තියන කොට කලට වේලාවට වරද්දන්නෙ නැතුව තියන්න ඕනෑ. කඩවර දෙවියන්ට දිය යුතු දේවල් කලට වේලාවට දෙනවා නම් කඩවර දෙවියන්ගෙ පිහිටත් නූලට තිතට ලැබෙනවා.
කඩවර කන්නලව්ව.
" පස්වාන් දහසකට තෙද වරම් බල වරම් අණ වරම් ඇති සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස, රාහුලු දාහක් ලෝහුලු දාහක් ද නිමෙනා අතර තුරේදී කතරගම කන්දස්වාමින් වහන්සේ කැටුව මුහුදු කරදිය වළල්ලේ සත් වාරයක් ගමන් කරමින් ඇසුර භවනයට වැඩ අසුරයන් සමග යුධ කොට දිනා සූර්ය මණ්ඩලය උණු කරවා කතරගම අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ මුරතේවේ වැඩ වසන සෙනෙවිරත්න කඩවර හාමුදුරුවනේ, මාගේ පුද පූජා බලා ඒ කෙරේ බැල්ම ලා මාගේ අභිමතාර්ථ ඉෂ්ඨ කර දෙන්ටත් මා කීවා අසන්ටත් මා කීවා කරන්ටත් කතරගම කන්දස්වාමි වහන්සේගෙන් වරම්.තවද ලංකාවේ අග්‍රරාජධානිය කොට දෙවිවරුන්ට අයත් ලෝක එක්දහස් අටක් පාලනය කොට පද්මාසුර නම් අසුර රාජාධිරාජයාගේ මහ සෙනෙවි පදවිය දරා ප්රකටව සිටින ඔබ වහන්සේට කරන කන්නලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා ගැත්තන් ගේ සකල දෝෂාන්ධකාරය දුරුවන් කර දී පිනට පිහිට වෙනවයි. සිය වැරදි දහස් වැරදි තිබුණත් කමා කරනවයි.සතුරන් මැඩ ගැත්තන්ට සෙත සලසනවයි.ඔබ කීර්ති පස්වාන් දහසකට ආයු බෝ වේවා.
කඩවර දෙවියන්ට පහන් දැල්වීමේදී නිවසින් පිට පහන් කණුවක් සාදා රත් මල් පොකුරක්, බුලත් විටක්, හඳුන් කූරු, එළඟි තෙල් මුසු පහනක් පුදා පිහිට ඉල්ලා සිටිය යුතුයි. අඟහරුවාදා දිනය මේ සඳහා වඩාත් සුදුසුයි. සවස හයට, රෑ දොළහට පහන දැල්වීම වඩාත් සුබදායකයි.
"ඕං හ්රීං මුනිභද්‍ර ඝටිකයෙන් චන්ද්‍ර සූර්ය විපුල කර විස්ත්‍රීෂ්ට කරවා ප්‍රභාවතිගේ කුසයෙන් උපන් දල කඩවර, සොහොන් කඩවර,තෙල් කඩවර , නිල් කඩවර, මල් කඩවර, ලේ කඩවර, රීරි කඩවර, පුළුටු කඩවර, සඳුන් කඩවර, අඳුන් කඩවර, ගොළු කඩවර, ගොපලු කඩවර, හැන්දෑ කඩවර,අලුයම් කඩවර,තොට කඩවර, පිස්සී කඩවර,කළු කඩවර, කුමාර කඩවර යන මෙකී කඩවර දේවතාවුන් ඇතුළුව සෙනෙවිරත්න කඩවර දේවතාවුන් වහන්සේ මේ නර ලොව කෙළි පිදේනි භාරගත් වරමින් අදත් මාගේ මන්ත්‍ර දිෂ්ටියට අහස වෙව්ලුවා වර වර පොළව දෙබෑ කර වර වර දිවයින් හතරේ කොදෙව් පන්සීයේ මෙර මුදුනේ හිමාල කූටේ සිටියත් සොහොන් කඩවර දේවතාවුන් වහන්සේ දිෂ්ටි වර වර ලේ දිෂ්ටි රීරි දිෂ්ටි පුළුටු දිෂ්ටි අනේක දිෂ්ටි නිධානෙක, සොහොනක නාරුක් බෝරුක් ඇසටු නුග පුෂ්පාරාම ඵලාරාම ආදී මෙකී තැනක නොසිට වර වර ගිනි බුද්ධ මාලාවෙන් දැපනේ කරවා සත් භාගේ දෙවොල් භාගේ කිරි අම්මාවරු සත් දෙනාගෙන් එන්ඩ වරම් "
කඩවර දෙවියන් ගෙන් පිහිට ඉල්ලන්න.
සතුරු කරදර හේතුවෙන් දුකින් කල් ගෙවන අය මොන තරම් ඉන්නවද... කියන්න කෙනෙක් නැතුව, කරගන්න දෙයක් නැතුව ඉවසගෙන ඉන්න අය වගේම සතුරන් සමග ගැටෙන්න ගිහින් කරදර වැඩි කරගන්න අයත් ඉන්නවා. කොහොම වුණත් කපාගන්න,කොටාගන්න, වෙඩි තියාගන්න, බෝම්බ ගහගන්න යන්නෙ නැතුව දෙවියන් ගෙන් පිහිටක් ඉල්ලන එකේ වරදක් නෑ. කෙනෙක් ගේ දියුණුව සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි අය සමාජයේ ඕනැ තරම් ඉන්නවා.කෙනෙකුට නින්දා අපහාස කරලා සතුටු වෙන අයත් අනන්ත ඉන්නවා. ධනය, බලය, දේශපාලන සහයෝගය පාවිච්චි කරලා නිදහසේ සතුරුකම් කරන අයට විරුද්ධව නැගී සිටීම ලේසි පහසු නෑ. මේ වගේ අවස්ථාවලදි දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් ඇතැමුන් දේවාල, ගුරුකම් කරන ස්ථාන ආදී තැන්වලට යනවා. අසරණ වුණු අයගේ මුදලට විදින පින්වත් මෑණිවරු, යෝගිවරු, හිමිවරු එහෙමත් අඩුවක් නැතුව ඉන්නවා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ, වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වගේ ඔන්න ඉතින් දුකට පිහිටක් ඉල්ලන ගිය කෙනා තවත් අසරණ වෙනවා.
මේ කියන්න හදන්නේ අපේම දෙවි කෙනෙක් වූ කඩවර දෙවියන් ගෙන් පිහිට ලබාගන්නා ආකාරය යි. කඩවර දෙවියෙක් විදියට වගේම යක්ෂයෙක් විදියටත් හඳුන්වනවා. පුර පක්ෂයේදී දෙවියෙක් විදියටත් අව පක්ෂයේදී යක්ෂයෙක් විදියටත් පෙනී සිටින බව ඇතැම් දෙනා විශ්වාස කරනවා.කොහොම වුනත් කඩවර ගේ බලය ශක්තිය නම් බොහොම ඉහළ යි. ජිවත් වෙලා ඉන්න කාලෙදි යක්ෂ වැඩ කරන අය මරණින් පස්සෙත් බොහෝ වෙලාවට සැර පරුෂ බලපෑම් තමයි එල්ල කරන්නේ. අපේම රටේ රජරට පළාතේ ජිවත් වුණු කෙනෙක් තමයි කඩවර දෙවියො විදියට සැළකෙන්නේ. "සෙනෙවිරත්න කඩවර දෙවි හාමුදුරුවෝ " යන නාමයෙන් කඩවර යාතිකාවේ සඳහන් වෙනවා.
කඩවර කලා වැවේ ආරක්ෂකයෙක් විදියට කටයුතු කළ අයෙක් බව ට සැළකෙනවා. කලා වැවේ ජල මට්ටම දැන ගැනීම සඳහා මැටි භාජනයක් තබා තිබුණු බවත්, පිරිත් දේශනාවකට වැඩම කළ සංඝයා වහන්සේ නමක ගේ කුඩයක් වැදීම හේතුවෙන් එම භාජනය සිදුරු වූ බවත්, වැවේ ජලය උතුරා යන්නට පටන් ගත් විට කඩවර වැවට පැන දිවි නසාගත් බවත් ජනප්රවාදයේ සඳහන් වෙනවා. වෛරයෙන් මියගොස් බලවත් යක්ෂ ආත්මයක් ලබා ජනතාවට පිහිට වන බවට විශ්වාසයක් පවතිනවා. කඩවර භික්ෂූන් වහන්සේලා සමග ඇයි හොඳයියක් නැති දෙවි කෙනෙක් විදියට සැළකෙන්නෙත් ඔන්න ඔය හින්දයි.
ගම්මඩු, ගිනි මඩු,තොවිල්, ශාන්ති කර්ම ආදී කොයි කටයුත්තක දී වූවද කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව පිරිනැමීමට ඇඳුරන් අමතක කරන්නේ නෑ. එහෙමනම් කඩවර දෙවියෝ එසේ මෙසේ කෙනෙක් නොවන බව පැහැදිලියි. කඩවර දෙවියන්ගේ බලවත්කම පහත කාවින්ද පැහැදිලි වෙනවා.
මහ මුහුදේ රළ නවතා වෙරළ දිගට වැඩමවන්ඩ
අලුයම සත් පැයක් තියා කඩවර දෙවි වැඩමවන්ඩ
රන් කෙඳි ගෙතුවා විලසට හැඩ පළු පිට මැද හෙලන්ඩ
කන්ද සාමිට වත් බැරිය ගොටුව නොදී වළක්වන්ඩ
කඩවර දෙවියො හොඳට හොඳයි නරකට නරකයි. කඩවර ට පුද පූජා තියන කොට කලට වේලාවට වරද්දන්නෙ නැතුව තියන්න ඕනෑ. කඩවර දෙවියන්ට දිය යුතු දේවල් කලට වේලාවට දෙනවා නම් කඩවර දෙවියන්ගෙ පිහිටත් නූලට තිතට ලැබෙනවා.
කඩවර කන්නලව්ව.
කඩවර දෙවියන්ට පහන් දැල්වීමේදී නිවසින් පිට පහන් කණුවක් සාදා රත් මල් පොකුරක්, බුලත් විටක්, හඳුන් කූරු, එළඟි තෙල් මුසු පහනක් පුදා පිහිට ඉල්ලා සිටිය යුතුයි. අඟහරුවාදා දිනය මේ සඳහා වඩාත් සුදුසුයි. සවස හයට, රෑ දොළහට පහන දැල්වීම වඩාත් සුබදායකයි.
කඩවර දෙවියන්ගේ පිහිට වඩාත් හොඳින් ලබා ගැනීමට හැකි තවත් බලගතු කඩවර දිෂ්ටියක් තිබෙනවා. මෙය " මුනිභද්‍ර කඩවර දිෂ්ටිය" ලෙස හඳුන්වනවා.
කඩවර ගොටුව.
දෙවොල් ශාන්ති කර්ම, තොවිල්, මුරුතැන් මංගල්‍ය ආදී සෑම කටයුත්තකදී ම කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව කැප කිරීම සිදු කරනවා. කඩවර ගොටුව පුදා සතුරන්ට දඬුවම් ඉල්ලීමෙන් සතුරන්ට බරපතළ දඬුවම් ලැබෙනවා.
කඩවර ගොටුවට ඇතුළත් විය යුතු දේවල්.
රතු බතක්, හත් මාළුව, පුළුටු,ගොඩ දිය මස්,කැවුම්, කෙසෙල්, බුලත්, බුලත් විටක්,කංසා,අබිං, රා, අරක්කු,සුරුට්ටු, අඳුන්, සඳුන්,ලේ,රීරි, තැඹිලි ගෙඩියක්,බැදපු බිත්තරයක්, විලක්කුවක්,හඳුන් කූරු. මේ දේවල් ගොටුවේ තබා උස තුන් දෙබලක තැබිය යුතුයි. සෙසු දෙවිවරුන්ට,යක්ෂ ප්රේතාදීන්ට දොළ පිදේනි කැප කිරීමට පළමුවෙන් කඩවර දෙවියන්ට කඩවර ගොටුව කැප කර අලුයම එළිය වැටීමට පෙර ගොටුව වත්තෙන් පිටමං කිරීම නිවැරදි පිළිවෙත යි.
කඩවර මොනවාගේ අයෙක් දැයි කඩවර ගොටුවට තබන පුද වලින්ම ඔබට වටහා ගන්න පුළුවන්.
කඩවර වරමින් වැඩ කටයුතු කරන ඇදුරෙක් වෙත දිනක් දුකට පත් අයෙක් පැමිණියා. තමන්ගේ වටිනා බදු භාණ්ඩ, මුදල් මංකොල්ලා කෑ හොරුන් කවුදැයි මේ පුද්ගලයා ඇදුරාගෙන් විමසා සිටියා.ඇදුරා සොරාගේ නම පැවසුවා. ඒ නම ඇසූ පමණින් පැමිණ සිටි පුද්ගලයාගේ ගත කිළිපොලා ගියා.ඇදුරා පැවසුවේ නමගිය පාතාල නායකයෙකුගේ නමක්. ඇදුරා පැවසූ දේ කනින් කන පැතිරිලා පාතාල නායකයාටත් ආරංචි වුණා. පාතාල නායකයා ඇදුරාව ඝාතනය කිරීමට දිනයක් යොදා ගත්තා. හැබැයි ඒ දිනය උදා වන තෙක් පාතාල නායකයාට ජිවත් වෙන්න ලැබුණෙ නෑ. එක්තරා වෙසක් පොහොය දිනක පාතාල නායකයා තම පිරිවරත් සමගම අවසන් ගමන් ගියා. ඒ තවත් පාතාල කල්ලියක් එල්ල කළ ප්‍රහාරයකින්. පාතාල නායකයාගේ නම කිව්වොත් මේ මුළු රටම ඔහුව හඳුනනවා.
කඩවර කියන්නේ ඔන්න ඔය වගේ කෙනෙක්.