

මවත් දියණියත් වෙන් වෙන්ව සම්බන්ධකරගෙන කතා බහ කළා. කේන්දර තුළින් පෙනෙන සැබෑ තත්වය විස්තරකළා. කේන්දර තුළින් මා හෙළිකරගත් කාරණා ඇත්තදැයි ඔවුන්ගෙන් විමසුවා.
මේ මවත් දියණියත් දෙදෙනාම විදේශික තරුණයා සමග සම්බන්ධකම් පවත්වා තිබුණා. දියණිය ඒ බව දැනගෙන සිටියේ නෑ. තරුණයා මේ දෙදෙනාට අමතරව ඉන්දීය තරුණියක් අසුරුකළා. ඉන්දීය තරුණියට අවශ්‍යවුණේ මේ තරුණයා සමග විවාහවීමටයි. තරුණයාගේ ප්‍රේම සම්බන්ධය ගැන දැනගෙන සිටි ඉන්දීය තරුණිය එම සම්බන්ධය බිඳ වැටීමටත් තමන් වෙතම තරුණයා නැඹුරුවීමටත් යම් ගුරුකමක් කර තිබුණා. එහි ප්‍රථිපලය නිවැරදිව ලැබී තිබුණා.
මෙවන් අවස්ථාවකදී ප්‍රතිකර්ම යෙදීම තරමක් සංකීර්ණයි. මේ වගේ ගැටළුවකදී තැපැල් මගින් යන්ත්‍ර හෝ වෙනත් යමක් යවා ප්‍රථිපලයක් අත්කරදීම අපහසුයි. දෙදෙනාටම කරුණු කාරණා නිවැරදිව අවබෝධකරදී මෙරටට ගෙන්වාගෙන, නිසි ප්‍රතිකර්ම යොදා ශරීරගත බලපෑම් ඉවත්කළා. මේවනවිට දෙදෙනාගේම අසනීප තත්වය මුළුමනින්ම සුවයි. මාගේ කරුණු පැහැදිලිකිරීම් අනුව තරුණයා පිළිබඳ අදහස සිතින් ඉවත්කරගැනීමටත් දියණිය එකඟවුණා.
ගුරුකම් සඳහා මුදල් යවා යම් යම් දේ ගෙන්වා ගැනීමේදී ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. අපලයකට යන්ත්‍රයක්, සෙත් කවියක්, මුද්දක් වැනි යමක් ගෙන්වාගත්තද වශී ගුරුකම්, අසනීප සුවකරගැනීම්, ලබාදුන් ණය ආපසු ලබාගැනීම්, අමනාපවුණු අය හිතවත්කරගැනීම්, අන්‍යයන් ආකර්ෂණයකරගැනීම් ආදී කටයුතු තැපැල් මගින් සිදුකිරීම අපහසු බව මතක තබා ගතයුතුයි.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
No comments:
Post a Comment