
ඇතැම් මන්ත්‍ර කරුවන් මෙවැනි කටයුතු සඳහා භාවිතා කරන දේවල් හේතුවෙන්ද අයහපත් ප්‍රථිපල අත්වීමට ඉඩකඩ තිබේ. ඇතැම් පුද්ගලයින් මෙවැනි කටයුතු වලදී යම් යම් දේ ආහාර පාන ආදියට දමා ශරීර ගතවීමට සලස්වති. විශේෂයෙන් ඉනා බන්ධන වලදී බොහෝවිට සිදුකරන්නේ මන්ත්‍ර ප්‍රාණ බල පිහිටුවන ලද යමක් කෑමකට හෝ බීමකට දමා ශරීර ගත කරවීමයි. මෙහිදී ඇතැමුන් නියපොතු, හිසකෙස්, රෝම, ලේ , මුත්‍රා මෙන්ම ඔසප් රුධිරය, ශුක්‍ර ධාතු ආදී දේද යොදා ගනිති. මේවා ශරීර ගතවූ ඇතැමුන් සදාකාලික රෝගීන් බවටද පත්විය හැකියි.
ශරීරගතකරනු ලබන බන්ධන ක්‍රියාත්මකවන්නේ කෙසේද ?
නිසි ලෙස මන්ත්‍ර බලය පිහුටුවා ශරීරගතකරනු ලබන දේ භූත බලපෑමක් සමග ක්‍රියාත්මක වේ.කලින් සිටි පුද්ගලයා අතුරුදන්ව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වේ.සිදු කරන බන්ධනයේ ස්වභාවය අනුව ප්‍රථිපල වෙනස්වේ. මෙවැනි බන්ධනයක් ශරීරගතවූ අයෙක් සමග ශාරීරිකව එක්වන
අනෙකාටද මෙය බලපෑ හැකියි. එවිට තත්වය වඩාත් දරුණු වේ.මෙවන් බන්ධන ශරීරගතවූ අයගේ පෙනුම ක්‍රමයෙන් වෙනස්වේ.ඇතැම් විට පැහැය පවා වෙනස්වේ.නිතර ඇතිවන අසනීප තත්වයන් මතුවේ.බොහෝවිට නිතර පවතින උදරාබාධ ඇතිවේ. මෙවන් පාපකාරී කටයුතු වල භයානක ප්‍රථිපල
මෙවැනි කටයුතු සිදුකරන්නන් වෙත කුමන මොහොතක හෝ පැමිණේ.
No comments:
Post a Comment