අමනුෂ්‍ය බලපෑම් හා මලයාලි මන්ත්‍ර ගුරුකම්. ( 01 )
ගෙදර කිසිම සිරියාවක් නෑ. සල්ලි නැති වෙනවා.
ගේ වටේ අඩි සද්ද ඇහෙනවා. පවුලෙ අයගෙ සමගියකුත් නෑ.
සමහර ගෙවල් වල පුදුම දේවල් සිද්ද වෙනවා. සල්ලි නැති වෙනවා. තිබ්බ දේවල් තිබ්බ තැන් වල නෑ. ගේ වටේ අඩි සද්ද ඇහෙනවා. ගෙදර අය එකිනෙකා රුස්සන්නෙ නෑ. ගෙදර කෙනෙකුට අසනීපයක් නැති දවසක් නෑ. හිත් වල කිසිම සතුටක් නෑ. කරන දේවල් හරියන්නෙත් නෑ. ඔය වගේ ප්‍රශ්ණ සමහරුන්ට තියෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි?
අපට කරදර පීඩා ඇතිවෙන්නෙ ග්‍රහ අපල හින්දා විතරක්ම නෙමෙයි. නොයෙක් අමනුෂ්‍ය බලපෑම් හින්දත් නොයෙක් කරදර විපත් එල්ල වෙනවා. මිය ගිය ඥාතීන්ගෙ බලපෑම්, අණවින කොඩිවින, නීච බන්ධන වගේ දේවල් හේතුවෙනුත් නොයෙක් විදියේ කරදර ඇතිවෙනවා. බලවත් භූත ආත්ම පුදුම හිතෙන ආකාරයේ බලපෑම් එල්ල කරන අවස්ථා තියෙනවා. ඒ වගේම යහපත, ආරක්ෂාව සලසන භූත ආත්මත් නැත්තෙ නෑ.
දකුණු පළාතේ කාන්තාවකට දවසක් රෑ අපූරු හීනයක් පෙනුණා. හීනෙන් පෙනී හිටියෙ මියගිය ආදරණිය පියා. එයා හීනෙන් පෙනී ඉඳලා මෙහෙම කිව්වා. " හෙට උදේම ගිහින් දළදා මාලිගාව වැඳ පුදාගන්න... මටත් පින් අනුමෝදන් කරන්න." පහුවදා උදේම ගෙදර කට්ටිය නුවර යන්න පිටත් වුණා. ඒත් මගදි ආරංචි වුණේ කවදාවත් හිතපු දෙයක් නෙමෙයි. ඒ දවස තමයි 2004 දෙසැම්බර් 26. සුනාමි ඛේදවාචකය හේතුවෙන් තම ප්‍රදේශයට බරපතළ හානි සිදුවූ පුවත මේ අයට මගදිම දැනගන්න ලැබුණා. පුදුමාකාර විදියට මේ අයගේ ජිවිත බේරුණු විදිය බලන්න. ඔන්න ඔය විදියට මිය ගිය අය උපකාර කරන, ජීවිත බේරන අවස්ථාත් තියෙනවා. එවැනි අත්දැකීම් ඇති බොහෝ දෙනා එම තොරතුරු මා සමග පවසා තිබෙනවා.
සමහර භූත බලවේග ප්‍රබලයි. සමහර භූත බලවේග දුර්වලයි. සමහර භූත ආත්ම තම ශරීරය දැඩි කරගෙන අන්‍යයන් ඉදිරියේ පෙනී සිටිනවා. සමහරු භුතයින්ව දකින අවස්ථාත් තියෙනවා.
එක්තරා දියණියක් සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න යන්න මිදුලට බැස්සා. මිදුලට බැහැපු දියණිය ඉදිරියේ ඇයගෙ මිය ගිය අම්මා පෙනී සිටියා. " දුවේ බයවෙන්න එපා. ඔයාට විභාගය හොඳින් ලියන්න ලැබෙනවා. ඉහළින්ම සමත් වෙනවා." එහෙම කියපු අම්මා නොපෙනී ගියා. දියණියට මේ සිදුවීමත් සමග නව පණක් ලැබුණා. විභාගයෙන් ඉහළින්ම සමත් වුණා.
ඇතැම් භූත බලවේග මනුෂ්‍යයින්ට කරදර කිරීමට නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. සමහර ඉඩම් මොනව කරලාවත් විකුණගන්න බෑ. සමහර ගෙවල් තියෙනවා ඒවා මිලදී ගන්න කාටවත් ඒවායේ වැඩිකල් රැඳෙන්න බෑ. යම් යම් ගෙවල් ඉඩම් ආදියට ආශාවෙන් මිය යන අය භූත ආත්ම වල ඉපදිලා ඒ ස්ථාන වල රැඳිලා ඉන්නවා. ඇතැම් සතුරන් අමනුෂ්‍ය බලවේග ඉඩම් වලට බන්ධනය කරන අවස්ථාත් තියෙනවා. ඒ වගේ අවස්ථා වල තත්වය වඩාත් දරුණු වෙන්න පුළුවන්. ඉඩමේ ජිවත්වෙන අයගේ රැකියා කටයුතු, විවාහ කටයුතු ආදියටත් තද බල කරදර බාධක ඇතිවෙන්න පුළුවන්.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
ගෙදර කිසිම සිරියාවක් නෑ. සල්ලි නැති වෙනවා.
ගේ වටේ අඩි සද්ද ඇහෙනවා. පවුලෙ අයගෙ සමගියකුත් නෑ.
සමහර ගෙවල් වල පුදුම දේවල් සිද්ද වෙනවා. සල්ලි නැති වෙනවා. තිබ්බ දේවල් තිබ්බ තැන් වල නෑ. ගේ වටේ අඩි සද්ද ඇහෙනවා. ගෙදර අය එකිනෙකා රුස්සන්නෙ නෑ. ගෙදර කෙනෙකුට අසනීපයක් නැති දවසක් නෑ. හිත් වල කිසිම සතුටක් නෑ. කරන දේවල් හරියන්නෙත් නෑ. ඔය වගේ ප්‍රශ්ණ සමහරුන්ට තියෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි?

දකුණු පළාතේ කාන්තාවකට දවසක් රෑ අපූරු හීනයක් පෙනුණා. හීනෙන් පෙනී හිටියෙ මියගිය ආදරණිය පියා. එයා හීනෙන් පෙනී ඉඳලා මෙහෙම කිව්වා. " හෙට උදේම ගිහින් දළදා මාලිගාව වැඳ පුදාගන්න... මටත් පින් අනුමෝදන් කරන්න." පහුවදා උදේම ගෙදර කට්ටිය නුවර යන්න පිටත් වුණා. ඒත් මගදි ආරංචි වුණේ කවදාවත් හිතපු දෙයක් නෙමෙයි. ඒ දවස තමයි 2004 දෙසැම්බර් 26. සුනාමි ඛේදවාචකය හේතුවෙන් තම ප්‍රදේශයට බරපතළ හානි සිදුවූ පුවත මේ අයට මගදිම දැනගන්න ලැබුණා. පුදුමාකාර විදියට මේ අයගේ ජිවිත බේරුණු විදිය බලන්න. ඔන්න ඔය විදියට මිය ගිය අය උපකාර කරන, ජීවිත බේරන අවස්ථාත් තියෙනවා. එවැනි අත්දැකීම් ඇති බොහෝ දෙනා එම තොරතුරු මා සමග පවසා තිබෙනවා.
සමහර භූත බලවේග ප්‍රබලයි. සමහර භූත බලවේග දුර්වලයි. සමහර භූත ආත්ම තම ශරීරය දැඩි කරගෙන අන්‍යයන් ඉදිරියේ පෙනී සිටිනවා. සමහරු භුතයින්ව දකින අවස්ථාත් තියෙනවා.
එක්තරා දියණියක් සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න යන්න මිදුලට බැස්සා. මිදුලට බැහැපු දියණිය ඉදිරියේ ඇයගෙ මිය ගිය අම්මා පෙනී සිටියා. " දුවේ බයවෙන්න එපා. ඔයාට විභාගය හොඳින් ලියන්න ලැබෙනවා. ඉහළින්ම සමත් වෙනවා." එහෙම කියපු අම්මා නොපෙනී ගියා. දියණියට මේ සිදුවීමත් සමග නව පණක් ලැබුණා. විභාගයෙන් ඉහළින්ම සමත් වුණා.
ඔය විදියට සමහර අමනුෂ්‍ය බලවේග ඇතැමුන්ට උදව් කරනවා. මිල මුදල් පවා ගෙනත් දෙන අවස්ථා තියෙනවා. දේව වරමින් සාස්තර කියන අය ඕනැ තරම් ඉන්නවා. දේව වරමින් කියලා කිව්වට මේ එක්කෙනෙක්වත් සාස්තර කියන්නේ දේව වරමින් නම් නෙමෙයි. මේ අයගේ මිය ගිය ඥාතියෙක් තමයි ඇඟට ඇවිත් මේ වැඩේ කරන්නේ. සමහරු වරමින් පට්ට පල් බොරුත් කියනවා. මොකද ඒ ඥාතියාගේ අරමුණ තමයි තමන්ගේ සහයෝගයෙන් සාස්තර කියන පුද්ගලයාට මුදල් උපයා දීම. ඉතින් සාස්තර අහන්න එන අයට නොයෙක් දේවල් කියනවා. ඒවා අහන අය අත දිග ඇරලා වියදම් කරගෙන කියන කියන දේ කරනවා. භුතයින්ගේ බලය සිමා සහිතයි. ජීවත්වෙලා ඉන්න අය විවිධ මට්ටම් වල ඉන්නවා වගේ භුතයින්ගේ බලයත් විවිධාකාරයි. ජීවත්ව සිටියදී යම් බලවත් තත්වයක සිටි ඥාතීන් භූත ආත්ම වල ඉපදී ප්‍රබල වරම් ලබාදෙන අවස්ථාත් තියෙනවා.

යම් තද බල අමනුෂ්‍ය බලපෑමක් පවතින බවක් හැඟෙනවා නම් දක්ෂ මන්ත්‍රාචාර්යවරයෙක් හමුවෙලා ඊට ප්‍රතිකර්ම යොදාගන්න ඕනැ. අමනුෂ්‍ය බලපෑම් දුරු කළ හැකි නොයෙක් ක්‍රියාමාර්ග මන්ත්‍ර ශාස්ත්‍රය තුළ තිබෙනවා. කොහොම වුණත් අමනුෂ්‍යයින් අල්ලා බෝතල් කුප්පි ඇතුලේ සිර කිරීම එතරම් යහපත් සාර්ථක ක්‍රමයක් නෙමෙයි.
බුද්ධ කාලයේ වැඩ විසූ භික්ෂුන් වහන්සේලාටත් භුතයින්ගෙන් නොයෙක් බලපෑම් එල්ල වෙලා තියෙනවා. එක්තරා වනයක භාවනාවේ යෙදුනු භික්ෂුන් වහන්සේලාට එල්ල වුණු අමනුෂ්‍ය බලපෑම් දුරු කිරීමට තමයි බදුන් වහන්සේ කරණීයමෙත්ත සුත්‍රය දේශනා කළේ. වනයේ භාවනාවෙ යෙදුනු භික්ෂුන් වහන්සේලාට නොයෙක් භයානක රූප පෙනෙන්න ගත්තා. භයානක ශබ්ද ඇහෙන්න ගත්තා. දුගඳ දැනෙන්න වුණා. සිත එකඟ කරගන්න බැරි වුණා. ශරීර සුදුමැළි වෙලා වැහැරෙන්න පටන්ගත්තා. කරණියමෙත්ත සුත්‍රය භාවිතා කරන්න ගත් පසුව අමනුෂ්‍ය බලවේග උන් වහන්සේලාට මෛත්‍රී කරන්නත් අනුකම්පා කරන්නත් පටන්ගත්තා. කරණීයමෙත්ත සුත්‍රය පුරාවට තිබෙන්නේත් මෛත්‍රියයි.
සමහර වෙලාවට යම් යම් භූත බලවේග මනුෂ්‍යයින්ගේ ශරීර තුළට ඇතුල්වෙලා නොයෙක් රෝග ලක්ෂණ ඇතිකරනවා. මොන තරම් ප්‍රතිකාර කළත් සුවයක් ලැබෙන්නෙ නෑ. රෝගය කුමක්දැයි වෛද්‍ය වරුන්ටත් හරියට නිශ්චය කරගන්න බැරුව යනවා. මේ වගේ අවස්ථාවල කරණියමෙත්ත සුත්‍රය භාවිතා කිරීම, මෛත්‍රී භාවනාව වැඩීම ගොඩක් ප්‍රතිපලදායක වෙනවා.
නිවසක පිරිසිදුතාවය ඉහළ මට්ටමක තබා ගැනීමත් ගොඩක් වැදගත් වෙනවා. අපිරිසිදු ස්ථාන වල ලැගුම් ගන්න ප්‍රේත බලවේග ප්‍රිය කරනවා. ඇතැම් නිවෙස් වල තිබෙන අපිරිසිදු තැන් පිරිසිදු කරන්න නිවැසියන්ට හිත දෙන්නෙත් නෑ. ප්‍රේතයෝ ඒවාට ඉඩ දෙන්නෙ නෑ. නිවස නිතර සුගන්ධවත්ව තබා ගැනීමත් ගොඩක් වැදගත් වෙනවා. නිතර දුර්ගන්ධය පැවතීමත් සුබ දායක නෑ. දුර්ගන්ධයට ප්‍රිය කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේම නිවසේ අඳුරු තැන් තියෙන්න දෙන්නත් හොඳ නෑ. හොඳ ආලෝකයක් හැම තැනම තියෙන්න ඕනැ.
මේ අමනුෂ්‍ය බලපෑම් තියෙන්නේ අපේ රටේ විතරක්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලෝකයේ හැම රටකම අමනුෂ්‍ය බලපෑම් තියෙනවා. ඇමරිකාවේ ධවල මන්දිරයේ පවා අමනුෂ්‍ය බලපෑම් තිබෙන බව වාර්ථා වෙලා තියෙනවා. අමනුෂ්‍ය බලපෑම් සම්බන්ධයෙන් වැඩි වශයෙන් පරීක්ෂණ සිදු කෙරෙන්නේත් බටහිර රට වලයි.
අමනුෂ්‍ය බලපෑම් සම්බන්ධවත් අමනුෂ්‍ය බලපෑම් දුරු කිරීම සම්බන්ධවත් තවත් විස්තර තොරතුරු ඉදිරියේදී කතා කරමු.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
No comments:
Post a Comment