මන්ත්‍ර ශාස්ත්‍රයේ ජනප්‍රියම අංගය මෙය යි. බොහෝ මන්ත්‍රකරුවන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නේද වශී ගුරුකම් සම්බන්ධව යි. බොහෝ දෙනෙක් යොමු වන්නේද වශී ගුරුකම් කර ගැනීමටයි.ඇතැමුන් ව්‍යාජ මන්ත්‍රකරුවන්ට රැවටී මුදල්ද නාස්තිකර ගනිති. තුන් වරුවෙන් දින තුනෙන් අවශ්‍ය ඕනෑම කෙනෙක් දෙපා ළඟට ගෙන්වා දෙන බව පවසන අයද සිටිති. වශී ගුරුකම් පිළිබඳ දැන්වීම් නැති තැනක් නැත. වශී ගුරුකම් ඇත්තද? ඕනෑම කෙනෙක් වශීකර ගත හැකිද? වශී ගුරුකමක් කරන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න බොහෝ දෙනෙකුට තිබෙනවා.
වශී කර්ම හෙවත් වශී ගුරුකම් යනු අෂ්ටාංගික මන්ත්‍ර ශාස්ත්‍රයේ පළමු අංගය යි. මෙයට රති හෙවත් කාම දේවතාවෝ අධිපතිත්වය දරනවා. වශී ගුරුකම් පිළිබඳ දැන්වීම් පල කරන බොහෝ මන්ත්‍රකරුවෝ මන්ත්‍ර ශාස්ත්‍රයේ අංග අට ගැනවත් දැනීමක් නොමැති අයයි. විදේශ රටවල රැකියා කරන අයගෙන් විශාල ලෙස මුදල් අයකර ගන්නා ඇතැමුන් පසුව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමටද අපහසුවේ.
ඕනෑම කෙනෙක්ව ඕනෑම කෙනෙකුට වශීකර ගත නොහැක. ඒ සඳහා යම් හිමිකමක්, ග්‍රහ බලයක් තිබිය යුතුයි. එවැනි කෙනෙක් තමන්ට උරුමද? තමන්ගේ වර්ථමාන ග්‍රහ බලය යහපත් මට්ටමක තිබේද? එවැනි පුද්ගලයෙක් හිමිකර ගතහැකි වාසනා බලයක් තමන්ට තිබේද? ආදී කරුණු පරික්ෂාකර බැලිය යුතුයි.
වශී ගුරුකම් සිදුකිරීමේදී යොදාගත යුත්තේ පුර පක්ෂය යි. එනම් අමාවක දිනයෙන් පසු දින පටන් පසළොස්වක දිනට පෙර දිනය තෙක් කාලය යි. අව පක්ෂය තුළ හෙවත් සඳ බැහැගෙන යන කාලය මේ සඳහා යොදා නොගත යුතුයි. අව පක්ෂය තුළ සිදුකරනු ලබන්නේ වෙන් කිරීම්, ඉවත් කිරීම් වැනි අසුබ කටයුතු යි.
වශී ගුරුකම් සිදුකිරීමේදී ඒ සඳහා සුදුසු නියමිත නැකත්, හෝරා, දින, තිථි, දිශා, දිෂ්ටි, පුද ආදිය තෝරාගත යුතුයි. දේව වශී, මුඛ වශී, රාජ වශී, පති වශී,සර්ව ජන වශී ආදී වශයෙන් වූ විවිධ වශී කර්ම සඳහා භාවිතා කළ යුතු නියමිත පූජා ද්‍රව්‍ය යොදාගත යුතුයි. මුහුර්ථ දහසයෙන් වශී කර්ම සඳහා යොදා ගැනෙන්නේ මුහුර්ථ සතරකි. එම මුහුර්ථ යෙදෙන දින හා වේලාවන් නිවැරදිව තෝරාගත යුතුයි.ස්ත්‍රී පුරුෂ වශී කර්ම සිදුකිරීමේදී කුජ හා සිකුරු යන ග්‍රහයින් බලවත් අවස්ථාවක් යොදාගත යුතුය.
සෙසු ගුරුකම් කටයුතු වලදී මෙන්ම වශී කර්මයකදී ද බලවත් දිෂ්ටි මන්තරයක් භාවිතා කළ යුතුයි. ස්ත්‍රී වශී, පුරුෂ වශී, දේව වශී, සර්වජන වශී, රාජ වශී ආදී විවිධ වශී කර්ම සඳහා භාවිතා කළ යුතු විශේෂ දිෂ්ටි මන්ත්‍ර තිබේ. අදාල දිෂ්ටි මන්ත්‍රයෙන් නිසි වාර ගණන ජප කළ යුතුය. දිෂ්ටි මන්ත්‍රයකින් බල නොගන්වා ගුරුකමක් කළ නොහැක. අදාල දිෂ්ටියට නියමිත පුද පූජාවන්ද නිසි පරිදි තැබිය යුතුයි. නියමිත පුද නොතබා දිෂ්ටි මන්ත්‍රයකින් යමක් බලගැන්විය නොහැක. ගුරුකම් බොහොමයක් සඳහා භාවිතා කළ හැකි ප්‍රබල දිෂ්ටියක් වන " නවනීල දිෂ්ටිය " බොහෝ දෙනාගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරමි.
" ඕං ත්‍රි නේරුම් නාග සෙයියාදුං පූර්ව නවනීල අවතාර වා වා එන්නම් නවනීල ලෝක දිෂ්ටි වා වා ස්වාමි එර්දි සෙයියාදුං නාග සුරළුම් මන්ත්‍ර වාරුම් කරුප්පුම්දිෂ්ටි වා වා ස්වාමි රාජාන් ශ්‍රී නීලකර කුරුප්පුම් තේජාස් කුරුප්පුම් නාග සෙයියාදුං ගිනි ගිනි ආලෝක දිෂ්ටි වා වා එර්දි නිලාස් ආලෝක කර්ජුන් නවනීල රාජා දිෂ්ටි වා වා ඒන් ගිනි කල්ලු සුරළුම් සුරනාග කුරුප්පුම් නවනීල අවතාර වා වා ගිනි ගිනි නාග සෙයියාදුං ඕරුම් ක්‍රීස් නවනීල රාජෝ වා වා "
දිෂ්ටි මන්ත්‍රයෙන් බලගන්වාගත් ද්‍රව්‍ය ප්‍රාණ මන්ත්‍රයකින් ප්‍රාණගන්වාගත යුතුය. ඒ ඒ කාර්‍යයට නියමිත ප්‍රාණ මන්ත්‍ර තිබේ. වශී ගුරුකමකදී පැන්වීමට හෝ ඉන බැඳගැනීමට දෙන නූල, ශරීර ගතකිරීමට දෙන සීනි හෝ වෙනත් ද්‍රව්‍ය රත්කිරීමට දෙන යන්ත්‍ර හෝ කාසි ආදී ඕනෑම දෙයක් දිෂ්ටි, ප්‍රාණ ආදී මන්ත්‍ර වලින් නිසි ලෙස බල පිහිටුවා තිබිය යුතුය.
අවහිර හඳුනාගැනීම හා දුරු කිරීම.
පැවති ප්‍රේම සම්බන්ධයක් බිදී ගියානම් ඊට විශේෂ වූ හේතුවක් තිබෙනවා විය හැකිය.රාහු,සෙනසුරු, කේතු ආදී දශාවක්, ඒරාෂ්ඨක අපලයක් හෝ සම්බන්ධය වෙන් කිරීම සඳහා යමෙක් විසින් කරන ලද විනයක් බලපානවා වීමට ඉඩ තිබේ. ප්‍රේම සම්බන්ධතා, අඹු සැමි සම්බන්ධතා බිඳ දැමීම සඳහා නොයෙක් ආකාරයේ "කාම වින" නම් වූ ගුරුකම් භාවිතා වේ. (පෙර කාලයේදී මංගල දිනය ආසන්න වෙත්ම විවාහපේක්ෂිත මනාලයා ට හා මනාලියට යම් ආරක්ෂාවක් යොදන ලද්දේ මේ හේතුවෙනි. අදද ඇතැම් දෙමාපියන් තම දරුවන්ගේ විවාහයට පෙර ආරක්ෂාවක් යොදති.) යම් විනයක් හේතුවෙන් බිඳී ගිය සම්බන්ධතාවයක් නැවත යථා තත්වයට පත් කරගැනීමේදී ප්‍රථමයෙන් එම විනය දුරු කළ යුතුය. එම විනය බලපාන තාක් යොදන ප්‍රතිකර්මය සාර්ථක නොවේ. අද බොහෝ මන්ත්‍රාචාර්යවරු ගැටළුවට හේතුව සොයන්නේ නැත. හේතු සොයාගැනීමට හැකි අය ද විරළ ය. ප්‍රශ්නය ඉදිරිපත් කළ සැණින් පවසන්නේ අය කරනු ලබන ගාස්තු ගැන ය.
වෙනත් ගුරුකම් මෙන්ම වශී ගුරුකමක් කිරීමේදීද ගුරුකම කරවාගන්නා අය හා ඇදුරා හැර වෙනත් කිසිවෙක් මේ පිළිබඳව දැන නොසිටිය යුතුය. ගුප්ත කටයුත්තක් යනු රහස් කාර්යයකි.
මේ අනුව වශී ගුරුකමක් යනු තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි. දිනපතා වශී ගුරුකම් කළ නොහැක. පුවත්පත් වල හා අන්තර්ජාලය තුළ පලකරන දැන්වීම් ප්‍රමාණය අනුව ඔවුන්ට එක ගුරුකමක් හෝ සාර්ථකව කරගැනීමට වේලාවක් ඇතිදැයි සිතාගත නොහැක.
රොඩී ගුරුකම් හෙවත් නීච කුල වශී ගුරුකම් ගැනද යමක් කිව යුතුය. නීච කුල ගුරුකම් කරගැනීමට අච්චරක් දුන්නා,මෙච්චරක් දුන්නා කිසිම ප්‍රතිපලයක් ලැබුණේ නැතැයි කියමින් කළකිරිමට පත් වූ අය නිතර දෙවේලේ හමු වේ. කිසිත් හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව දැන්වීමක් දුටු පමණින් දුරකථනයෙන් අමතා ඔවුන් ඉල්ලන මුදල දී සුසුම් හෙළන අය බොහෝ ය. රොඩී වූ පමණින් මන්ත්‍ර බලයක් ලැබෙන්නේ නැත.මත්පැන් බීගෙන,මස් මාංශ අනුභව කරමින් කළ හැකි ගුරුකමක්ද නැත. නීච කුල ගුරුකම් දන්නා අයෙක් කලාතුරකින් තැනක සිටිය හැකි වූවද වර්තමානයේ සංවිධානාත්මක ලෙස ගම් පිටින් එකතු වී දැන්වීම් පළකරමින් කරගෙන යන්නේ තනිකරම වංචාකාරී කාර්යයකි.
ඔබව අසාධාරණ ලෙස අසරණ කරමින්, ඔබ සතු මිළ මුදල්, දේපල ආදී වටිනා දේ අයිති කර ගනිමින් ඔබව මඟ හරින පුද්ගලයෙක් සම්බන්ධයෙන් ගුරුකමක් කරගැනීමට අවශ්‍ය නම් අප වෙතින් එම කාර්යය ඉටුකරවා ගත හැක. සිත ගිය පමණින් හෝ පළි ගැනීමේ අදහසින් වශී ගුරුකම් කරගැනීම සඳහා විමසීමෙන් වළකින්න.
ජ්‍යොතිෂවේදී, මන්ත්‍රාචාර්ය
දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර
දුරකථන : 077 7065760, 071 8875816, 036 5670512
No comments:
Post a Comment