මේ ඔබට ඉදිරිපත් කරන්නේ මහානුභාවසම්පන්න ජලනන්දන මන්ත්‍ර දැහැන් හත යි. කොඩිවින, හූනියම්,නීච බන්ධන කැපීම, යක්ෂ,ප්‍රේත,කුම්භාණ්ඩ, පිශාච ආදී අමනුෂ්‍ය දෝෂ දුර කිරීම, දෙහි කැපීම, නිවාස ආරක්ෂා කිරීම,ශරීරගත අමනුෂ්‍ය බලපෑම් ඉවත් කිරීම, සතුන්ගෙන් හා රෝග පීඩාවන් ගෙන් කෙත් වතු ආරක්ෂා කරගැනීම, ඇස්වහ කටවහ දෝෂ දුරු කිරීම,ඉනා බන්ධන ඉවත් කිරීම ආදී වැඩ සිය දහස් ගණනක් මෙයින් ගත හැකියි.
පිරිසිදු රන් තැඹිලි තෙල් මෙයින් දහස් වරක් ජීවම් කර, තෙල් බින්දු කීපයක් කුඩා රන් සුරයක දමා පැළඳීමෙන් මහත් ආරක්ෂාවක් සලසා ගත හැකියි. නඩු හබ, තරඟ විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියට ද ඉතා ගුණදයාක යි.
අලුත් නිවසට ගෙවදීමට පෙර, පස්ලෝ,ඇල් හාල්,ඊ තණ,එල අබ, කැකුළු හාල්,සුනු සහල්, නවරත්න, ගෝරෝචන, සුදු හඳුන්, රත් හඳුන් ආදිය මල් අසුනක තබා මෙයින් 108 වරක් ජීවම් කරගෙන අලුත් මුට්ටියකට දමා පියන වසා නිවසේ මුදුන් යටලීයේ එල්ලීමෙන් නිවසට මහත් ආරක්ෂාවක් සැලසෙනවා.
කුඹුරේ වී වැපිරීමට පෙර එම වී මෙම මන්ත්‍ර දැහැන්වලින් 108 වරක් ජීවම් කරගෙන වැපිරීමෙන් ගොයම සතුන් ගෙන් ආරක්ෂා කරගැනීමට හැකි වෙනවා.
මෙයින් තෙල් හෝ වෙනත් යමක් මතුරා ගැනීමේදී මල්, හඳුන්කූරු, ලද පස් මල්, එළඟිතෙල් හෝ අබ තෙල් මිශ්‍ර පහන් තුනක් සහිත පූජාසනයක තබා මරුට පිටුපා හිඳ මතුරා ගැනීම ගුණදායක වෙනවා. මේ සඳහා පුර පක්ෂයේ සුබ දිනෙක රාහු කාලයෙන් තොර සුබ හෝරාවක් යොදා ගත යුතුයි. පූජාසනය ට උඩු වියනක් බැඳ ගත යුතුයි. තමන්ගේ නැකත හිමි පක්ෂියාගේ මෙන්ම දිනය අධිපති නැකත හිමි පක්ෂියාගේ රජ හෝ භෝජන අවස්ථාවක් තෝරාගැනීම වඩාත් සුබදායක වෙනවා.
No comments:
Post a Comment