පොල් ගහන්නේ කොහොමද ?
පොල් ගැහීම හරි ජනප්‍රියයි. සමහරු පොඩි දේටත් පොල් ගහනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළත් පොල් ගැහීම ජනප්‍රියයි. තමන් කැමති අය දිනවන්න, අකමැති අය පරාද කරන්න, සතුරන් ට දඬුවම් දෙන්න, බලාපොරොත්තු ඉෂ්ටකරගන්න, නඩු දිනන්න, රවට්ටලා ගිය අයට පාඩම් උගන්නන්න, දාලා ගිය අය ආපහු ගෙන්වා ගන්න පොල් ගහනවා. ඔය විදියට පොල් ගැහුවට බලාපොරොත්තු වෙන දේ ඒ විදියටම වෙනවද? එහෙම වෙන අවස්ථාත් තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට අසාර්ථකයි. මෙහෙම වෙන්නෙ ඇයි? මලයාලි මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව නිවැරදිව පොල් ගහන්නේ කොහොමද කියලා බලමු.
පොල් ගහන්න සුදුසුම දවස් දෙක තමයි අඟහරුවාදා සහ සිකුරාදා. හොඳ වැඩ වලට පොල් ගහන ක්‍රමයයි නරක වැඩ වලට පොල් ගහන ක්‍රමයයි වෙනස්. හොඳ වැඩ කියන්නේ විභාග සමත් වෙන්න, රැකියා ලබාගන්න, ජයග්‍රහණය උදාකරගන්න, පවුලේ සමගිය ඇතිකරගන්න වගේ දේවල්. නරක වැඩ කියන්නේ සතුරන්ට දඬුවම් කිරීම, භේද භින්න කිරීම, වෙන් කිරීම, පරාජයට පත්කිරීම වගේ දේවල්.
හොඳ වැඩ වලට පොල් ගහන්නෙ විෂ්ණු, පත්තිනි, කතරගම, සමන්, විභීෂණ, ඊශ්වර ආදී දෙවියන් ඉදිරියේ යි. නරක වැඩ වලට පොල් ගහන්නේ කාලි, දුර්ගා, කඩවර, සූනියන්, දෙවොල් ආදී දෙවි දේවතාවුන් ඉදිරියේ යි.

යහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී පොල් ගෙඩියේ මුඩ්ඩ ඉවත් නොකර ගෙඩිය කහ දියෙන් සෝදා ගත යුතුයි. පොල් ගසන ස්ථානයේ ඊශාන දිශාවෙන් අබ තෙල් පහනක් දැල්විය යුතුයි. පොල් ගෙඩිය මත කපුරු පෙත්තක් දල්වා, තම අදහස දෙවියන් ඉදිරියේ පවසා, එය ඉටුකර දෙනමෙන් ඉල්ලා දකුණු අතින් පොල් ගෙඩිය ගැසිය යුතුයි. පොල් ගැසීමට පෙර පලතුරු පස් වර්ගයක් සමග පූජා වට්ටියක් දෙවියන්ට පිදිය යුතුයි.

මෙහිදී හෙළි කළ නොහැකි රහසක්ද තිබෙනවා. පොල් ගෙඩියේ ඇහි තුන විශේෂ ඖෂධ සංයෝගයකින් කළු කර ගතයුතුයි. ඖෂධ සංයෝගය කාලි ස්තොත්‍රයකින් ජීවම් කරගෙන එයින් තේ හැන්දක් කොහොඹ තෙල් පහනකට දමා එහි දැල්ලට ඇහි තුන අල්ලා කළු කර ගත යුතුයි.
අහවල් පුස්කොළ පොතින් හම්බ වුණා, පරම්පරාවෙ පොතක තිබුණා ආදී වශයෙන් නොයෙක් බොරු කියමින් ජනතාව මුලා කරන ව්‍යාජ මන්ත්‍ර කරුවන් ගහක් ගලක් ගානේ සිටින බැවින් ඇතැම් කරුණු හෙළි නොකරන බවත්, අත්‍යවශ්‍ය කාරණයකදී යම් කෙනෙකුට අවශ්‍යනම් පෞද්ගලිකව අසා දැනගත හැකි බවත් දන්වමි.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
සංජීව කුළුපන බණ්ඩාර
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
සංජීව කුළුපන බණ්ඩාර
පොල් බිදෙන ආකාරය විග්‍රහ කරන්නේ කොහොමද
ReplyDeleteපොල් බිදෙන ආකාරය විග්‍රහ කරන්නේ කොහොමද
ReplyDelete