දෙවියන් පැහැදෙන විශේෂ දානය
මුරුතැන් දානය
හදන්නේ මෙහෙමයි.
මුරුතැන් දානය ගැන ගොඩක් දෙනෙක් දන්නවා. මුරුතැන් දානයේ රස බලන්නත් බොහෝ දෙනෙක් කැමතියි. සෑම ප්‍රධාන පෙළේ දේවාලයකම මුරුතැන් දානය සකස් කර දෙවියන්ට පූජා කරනවා. මේ සඳහා පින්වත් බැතිමතුන් දායකත්වය ලබා දෙනවා. දෙවියන් උදෙසා මුරුතැන් දානය පිළිගැන්වීමෙන් මහත් සෙතක් ශාන්තියක් අත්වෙනවා. දෙවියන්ට දානය පූජා කිරීමෙන් අනතුරුව ඉතිරිය බැතිමතුන් අතර බෙදා දීම සිදුකරනවා.
මුරුතැන් දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.
කැකුළු හාල් කිලෝ 04 යි.
කිතුල් හකුරු කිලෝ 04 යි.
කජු මද කිලෝ 01 යි.
වියළි මිදි ග්‍රෑම් 500 යි.
මුංඇට ග්‍රෑම් 500 යි.
එනසාල් කරල් 50 ක් පමණ.
බටර් 1/2 යි.
පොල් ගෙඩි 08 යි.
දානය පිළියෙළ කිරීම.
පොල් සිහින්ව ගාගෙන මිරිකා කිරි ටික භාජනයකට දමා පැසෙන්නට තියන්න. සෝදා ගත කැකුළු හාල් පැසෙන කිරට දමන්න. තම්බා ගත් මුංඇට ඉදීගෙන එන බතට එක් කරන්න. සිහින්ව කපාගත් හකුරු, කැබලි කරගත් කජු මද, එනසාල් හා වියළි මුද්දරප්පලම් ද කිරිබතට එක් කරන්න. බටර් අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරන්න. දානය නිවුණාට පසුව කොටසක් දේව පූජාවට තබන්න.
දානය පිළියෙළ කිරීමේදී හිස සහ මුඛය සුදු හෝ කහ පැහැති රෙදිවලින් ආවරණය කරගෙන සිටිය යුතුය. මුරුතැන් දානය සතුන්ට කෑමට නොදිය යුතු බවද මතක තබා ගත යුතුය.
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර

No comments:
Post a Comment